සාමාන්‍ය පෙළ භූගෝල විද්‍යා පේපරය ගැනත් පරීක්ෂණයක් !

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ භුගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ කොටසක් සිසුන් පිරිසකට ලබානොදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මිනුවන්ගොඩ අල්අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබු අදාළ විභාග මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සඳහන් ය.

එම ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දුන් කිසිදු අපේක්ෂකයෙකුට ආසාධාරණයක් නොවන අයුරින් කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගැටලුකාරී තත්ත්වයන් රැසක් වරින් වර වාර්තා වුණි.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම ප්‍රකාශකයා සඳහන් කළේ අදාළ සිදුවීම් සඳහා මුහුණ දුන් අපේක්ෂකයින් පිළිබඳ වෙන වෙනම අධ්‍යයනයන් සිදුකර ඊට අවශ්‍ය පියවර ගන්නා බවය.

Share This Article
Leave a comment