Thursday, September 28, 2023
spot_img
මුල් පිටුවLocalතිලීපන් සමරුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට

තිලීපන් සමරුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ට පහරදුන් 6 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (17) ත්‍රීකුණාමලයේ දි තිලීපන් සමරුවට පහර දුන් පුද්ගලයින් 06 දෙනෙක් පොලිසිය විසින් අද (18) අත් අඩංගුවට ගෙන තිබේ.

චීනවරාය පොලිසිය මගින් පුද්ගලයින් සිවු දෙනෙක් ද ත්‍රීකුණාමලය පොලිසිය මගින් පුද්ගලයින් දෙදෙනෙක් ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

චීන වරාය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් තිදෙනෙකු ත්‍රිකුණාමලය විජේසේකරපුර පදිංචිකරුවන්ය. අනෙක් පුද්ගලයා සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අයෙකි. ත්‍රිකුණාමලය පොලිසිය මගින් අත් අඩංගුවට ගත් දෙදෙනා මනයාවෙලි හා සුමේධංකරපුර පදිංචිකරුවන් පුද්ගලයින් වෙයි.

ත්‍රීකුණාමලය සර්ධාපුර චීනවරාය දෙසට හැරෙන ධම්මරතන පිරිවෙන් මංසන්ධියේ දී මෙම පිරිස අදාල පහර දීම සිදුකර තිබිණි.

එම අවස්ථාවේ දී එම පෙළපාළියේ ගමන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ද පිරිසගේ ප්‍රහාරයට ලක් විය.

එම පහරදිමෙන් අනතුරුව සෙල්වරාජා කජේන්ද්‍රන්ට පහරදුන් අපරාධකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රිගෙන් ඉල්ලා තිබිණි.

එමෙන්ම සුමන්තිරන් මන්ත්‍රීවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින්, පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදුවූ පහරදීම හෙළා දැක්කේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධව ඊයේ රාත්‍රියම පොලිසිපති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments