Wednesday, September 27, 2023
spot_img
මුල් පිටුවLocalමාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අවි ගබඩාවක් – සිවිලිමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ...

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අවි ගබඩාවක් – සිවිලිමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඇතුළු ආයුධ හමුවෙයි !

මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැරණි කාමරයක් අලුත්වැඩියා කරන අවස්ථාවේ දී එහි සිවිලිමක සඟවා තිබූ ගිනි අවියක්, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (18) හමු වූ බව මාතර මූලස්ථාන පොලිසිය කියයි.

පොලිසිය සැකකරන්නේ 2015 වර්ෂයේ දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් මෙම පාසල ඇතුළු භූමිය වෙන්කර තිබූ බැවින්, ඒ සඳහා පැමිණෙන ප්‍රභූවරයකු ඉලක්ක කරගෙන හෝ වෙනත් අපරාධයක සැළැස්මක් ලෙස මෙම ද්‍රව්‍ය සඟවා තබන්නට ඇති බවයි.

එහි තිබී විදෙස් රටක ගිනි අවියක්, ටී 56 සඳහා යොදාගන්නා පතොරම් 20ක්, මිලිමීටර 09 පතොරම් 138ක්, මිලිමීටර 3.2 පතොරම් 31ක්, ඩෙටනේටර් 02ක්, ටීඑන්ටී ලෙස සැකකළ හැකි පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 194ක්, සේවා නූළ් ඇතුළු ද්‍රව්‍ය තොගයක් හමු වී ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාතර මූලස්ථාන පොලිසියේ මෙහෙයවීමෙන් සිදුකරයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments