Friday, December 1, 2023
spot_img
මුල් පිටුවNewsරට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දීත් අරගල වෙලාවේ ගෙවල් ගිනි තියපු...

රට බංකොලොත් වෙලා මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දීත් අරගල වෙලාවේ ගෙවල් ගිනි තියපු මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවන්න මිලියන 1414ක් වෙන් කරයි!

අරගල සමයේ සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 1,414ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.Sri Lanka Latest News

මන්ත්‍රීවරුන් 31 දෙනකුගේ දේපළ විනාශ වීම්වලට අදාළව රුපියල් මිලියන 714ක් මේ වන විටත් ගෙවා අවසන්ව ඇති අතර, තවත් මන්ත්‍රීවරුන් 13 දෙනකු වෙනුවෙන් අතිරේක මිලියන 700ක මුදලක් ගෙවීමට නියමිතය.

අදාළ අතිරේක ප්‍රතිපාදන ලබාගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි වාර්තා වේ.

පසුගිය වසරේ මාර්තු 31 දින සිට 2022 ජූලි 22 දක්වා වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභහානි වෙනුවෙන් මෙම වන්දි මුදල් ගෙවීමට නියමිතය.

අතිරේක ප්‍රතිපාදන ලෙස ලබාගැනීමට නියමිත රු. මිලියන 700ක ප්‍රතිපාදනවලින් එස්.එම්. චන්ද්‍රසේන, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබ්‍රි, විමල් වීරවංශ, කනක හේරත්, සනත් නිශාන්ත හා ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමැතිවරුන්ට වන්දි ගෙවීමට නියමිතව තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභ හානි සඳහා මූල්‍යමය හානිපූර්ණය වෙනුවෙන් විශේෂ නිලධාරී කමිටුවේ නිර්දේශ ලබාදීම සැප්. 30 වැනි දින අවසන් කිරීමට නියමිතව ඇති අතර, වාහන සහ චංචල දේපළ වෙනුවෙන් නිර්දේශ ලබාදීම නොවැ. 11 දින අවසන් කිරීමටද යෝජිතය.

මේ සම්බන්ධයෙන් අද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාද පුවත්පතක් උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කර සිටියේය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments