Friday, December 1, 2023
spot_img
මුල් පිටුවLocalජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නැවැතිලා! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට! මාස 6ක්...

ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නැවැතිලා! පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට! මාස 6ක් තිස්සේ පොරොත්තු ලේඛනවල ඉන්න පිළිකා රෝගීනුත් ඒ අතර!

කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් පරික්ෂණ පසුගිය 13වන දින සිට නතර කිරීම හේතුවෙන්  පිළිකා රෝගීන් දැඩි අසීරුවකට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් ස්කෑන් පරික්ෂණය සිදුකර ගැනිම සඳහා කොළඹ ජාතික රෝහල තුළ මාස 6ක පමණ පොරොත්තු ලේඛණයක් මේ වන විටත් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කියයි. 

පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල පැතිර පවතින ප්‍රදේශයන් සහ පිළිකාව වර්ධනය වී ඇති ප්‍රමාණයන් හදුනා ගැනීම සදහා පෙට් පර්ක්ෂණ සිදුකරන අතර මෙය පෞද්ගලික අංශයෙන් කිරීමේදී රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වැයවනු ඇතැයිද සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි. 

පෙට් ස්කෑන් පරික්ෂණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පුහුණු නිලධාරීන් නොමැති වීම නිසා යැයිදි හෙතෙම පෙන්වා දේ.

යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිටි පුහුණු නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් විශ්‍රාම ගොස් ඇති අතර අනෙක් නිලධාරීයා විදේශගත වීමෙන් මෙම පුරප්පාඩු ඇතිව තිබෙන බවද සභාපතිවරයා  පෙන්වා දේ.

රජයේ රෝහල් තුළ පෙට් ස්කෑන් යන්ත්‍ර පවතිනුයේ දෙකක පමණක් බවත් අනෙක් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහල සතුව පවතින අතර එහි පුහුණු නිලධාරීන්ද ලබන වසරේ විශ්‍රාම යාමට හා විදේශ ගතවීමට නියමිතව සිටින බවද වාර්තා වේ.

මේ වන විට විකිරණතාක්ෂණවේදීන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 2500ක් වුවද දැනට සේවයේ නියුතුව ඇත්තේ 680ක පිරිසක් වන අතර  මෙම පිිරිසද ක්‍රමයෙන් විශ්‍රාම යාම හා විදේශ ගතවීම හමුවේ තව දුරටත් අඩුවෙමින්  ඇතැයි ධර්මවික්‍රම මහතා පෙන්වා දේ.

පුහුණුව ලත් උපාධිධාරී විකිරණ තාක්ෂණවේදීන් සිටියද ඔවුන්ව බඳවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ නොපවතින බවද සංගමය චෝදනා කරයි.

lankasara

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments