Friday, December 1, 2023
spot_img
මුල් පිටුවLocalදඬුගම් ඔයේ තිබූ ගමන් බෑගයකින් හමුවූ මළ සිරුරට අදාළ ඝාතකයන් අත්අඩංගුවට ගනී!

දඬුගම් ඔයේ තිබූ ගමන් බෑගයකින් හමුවූ මළ සිරුරට අදාළ ඝාතකයන් අත්අඩංගුවට ගනී!

පසුගියදා සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී හමුවූ පුද්ගල මල සිරුරට අදාල ඝාතනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයෙකු ජපානයට යවන බව පවසා රුපියල් ලක්ෂ 24ක මුදලක් ලබාගෙන එම මුදල වංචා කර ඇති බවත් අවස්ථා කීපයකදී එම මුදල් පිළිබඳ කළ ඉල්ලීම නොසැලකා හැර මුදල් ලබාදීමක් හෝ  තරුණයා ජපානයට යැවීමක් සිදුකර නැති බව ප්‍රශ්න කිරීමේ දී හෙළිවී තිබේ.

මේ වංචාව පිළිබඳ කෝපයෙන් සිටි ව්‍යාපාරිකයා පසුගිය 11 වැනිදා කොළඹ කොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය අසල දී  මෙම පුද්ගලයා පැහැරගෙන කටානේ තමන්ට හිමි පොල් වත්තකට ගෙන ගොස් තිබේ.

අනතුරුව මුදල් පිළිබඳ විමසමින් සිය පුතුන් දෙදනො සහ සේවකයින් තිදෙනෙකු සමග එක් වී ඔහුට පහර දී ඇත.

පහරකෑමට ලක්වුන පුද්ගලයා මේ අවස්ථාවේ දී පිරිසෙන් මිදී පලායෑමට උත්සාහ කර තිබේ. ඉන් අනතුරුව ඔහුව අල්ලාගෙන විත් කටානේ ඇති ව්‍යාපාරිකයාගේ හෝටලයක පාලු කාමරයක් තුළ හිරකර නැවතත් පහර දී තිබේ.

එම පහරකෑම දරාගත නොහැකිව මෙම පුද්ගලයා මියගොස් ඇත. අනතුරුව මියගිය තැනැත්තාගේ සිරුර ගමන් බෑගයක බහා සිය වාහනයෙන්ම රැගෙන විත් කොටුගොඩ ප්‍රදේශයේ දී දඬුගම් ඔයට අතහැර තිබේ.

පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ඝාතනය වූ තැනැත්තා මින් පෙරද පුද්ගලයින් විදෙස්ගත කරන බවට රවටා මුදල් වංචා කළ පුද්ගලයෙක් බවය. ඔහු සම්බන්ධ පැමිණිලි කීපයක් ද ලැබී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සීදූව පොලීසිය විසින් සිදුකරයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments