පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී නන්දා මාලිනිය විසින් ගයන ලංකාවට අද සිදුව ඇති දේ පැවසෙන අලුත්ම ගීතයේ පද සියල්ල ගෙන හැර දැක්වීමට කටයුතු කර තිබිණ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ අප වෙබ් අඩවිය විසින් මෙම ගීතය ප්‍රචාරය කොට මොහොතක් යාමට මත්තෙන් දයාසිරි ජයසේකර මහතා එය උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමය.
අදාළ වීඩියෝව පළ කරමින් අප කියා සිටියේ නන්දා මාලිනිය විසින් ගායනා කරනු ලබන මෙම ගීතය හට කිසිදු මාධ්‍යයකින් ප්‍රචාරයක් ලබා නොදෙන බවකි.
පහත දැක්වෙන්නේ එම ගීතයේ පද සහ ගීතය ඇතුළත් වීඩියෝවය.
කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී…
ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී…
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී…
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී…
අකුරට යන පුතා මිරිවැඩි ඉල්ලන්නේ…
දුවනිය පොතක් ගත හැකිදැයි විමසන්නේ…
පොල් අතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ…
මුතු ඇටයට උනේ මොකදැයි කියපන්නේ…
තිස් තුන් කෝටියක් අපි දෙස බලනු මැනේ…
යන්නට තැනක් නෑ මගෙ පැටවුන්ට අනේ…
දෙනු මැන අපට එක වරමක් දොවා සෙනේ…
වැටෙනෙමි නළල තබලා ඔබ දකුනු දනේ….
කුස ගිනි වැදී හඬනා දරුවන් දකිමී
ඔසු නැති නිසා ලෙඩ වැඩිවූවන් බලමී
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී..