කුරුණෑගල සිරිගල ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවකු සියදිවි හානි කරගෙන තිබෙනවා.
දිනුර සදංජන නමැති එම දරුවා සියදිවි හානි කරගැනීමට හේතුවී ඇත්තේ පාසල් වාර විභාගයෙන් 8 වැනි ස්ථානය ලැබීම පිළිබඳ ඇතිවූ සිත් තැවුලක් බවයි ඔහුගේ මවුපියන් පවසන්නේ.
පසුගිය වසරේ පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගෙන ඉහළින්ම සමත්ව ඇති එම සිසුවා, කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත්ව ඇති අතර, මෙවර වාර විභාගයෙන් තරමක පසුබෑමක් ලැබීම සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවූ බවද මවුපියන් සඳහන් කර සිටියා.