Friday, December 1, 2023
spot_img
මුල් පිටුවBusinessපළමු ශිෂ්ටාචාරය බිහිවූ අනුරාධපුරයට ධම්මික පෙරේරා 21 වන සියවසට ගැලපෙන අලුත් ශිෂ්ටාචාරයක්...

පළමු ශිෂ්ටාචාරය බිහිවූ අනුරාධපුරයට ධම්මික පෙරේරා 21 වන සියවසට ගැලපෙන අලුත් ශිෂ්ටාචාරයක් අරන් එයි! ‘බ්‍රික්’ එකෙන් ‘ක්ලික්’ එකට!

වසර පහක් තුළ ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 1,000,000කට පරිගණක භාෂා අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් යුතුව දියත් කර ඇති “ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” ව්‍යාපෘතිය යටතේ 67 වැනි ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීම ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර ශ්‍රී භාරතින්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනයේදී සිදුකෙරිණි.

මෙම මධ්‍යස්ථානයේ පරිගණක භාෂා පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 1650 දෙනෙකි. ඔවුන් අතරින් මෙම පාඨමාලාවේ ව්‍යාපෘති 100 සම්පූර්ණ කළ සිසු සිසුවියන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද ධම්මික පෙරේරා මහතා අතින් එදින සිදුකරන ලදී.

එම උත්සව අවස්ථාව ඇමතූ ධම්මික පෙරේරා මහතා,

“අනුරාධපුරයේ ඉපදුණු මේ දුවලා පුතාලාගේ මුතුන්මිත්තෝ තමයි ලංකාවේ පළවෙනි දියුණු ශිෂ්ටාචාරය මීට ශතවර්ෂ ගණනාවකට කලින් හැදුවේ.

ඉතින් මම අද මේ අනුරාධපුරයට ඇවිල්ලා ඉන්නේ මේ දුවලා පුතාලාට 21 වෙනි ශතවර්ෂයට ගැළපෙන ඩිජිටල් ශිෂ්ටාචාරයක් හදන්න උදව් කරන්න.

එදා ඒ අනුරාධපුර ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ ගඩොලෙන් ගඩොල. නැත්නම් බ්‍රික් එකෙන් බ්‍රික් එක.

මේ දුවලා පුතාලා විසින් මේ අනුරාධපුරයේම අනාගත ඩිජිටල් ශිෂ්ටාචාරය ගොඩනඟන්නේ ක්ලික් එකෙන් ක්ලික් එක.

බ්‍රික් වෙනුවට ක්ලික් පාවිච්චි කරලා දියුණු වෙන හැටි ඔය දරුවන්ට උගන්වන්න තමයි මම ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් එකක් ඔයගොල්ලන්ට දායාද කළේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය සහ 2500කට අධික ජනතාවක් ද සහභාගී වී සිටියහ.

රැකියා ඉලක්ක කරගත් නවීනතම පරිගණක භාෂා දැනුම ශ්‍රී ලාංකික දරු දැරියන් වෙත ලබාදෙමින් ඔවුන්ට අනාගතයේ ඉහළ වැටුප් ලබන රැකියා කරා යොමුවීමට මග විවර කරන ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහනේ පාඨමාලාව ප්‍රොජෙක්ට් 324ක් සහිතව නිර්මාණය කර ඇත. ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ තිළිණයක් වශයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෙම පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වේ.

ප්‍රාථමික පංතිවල සිට ඕනෑම වයස් සීමාවකට අයෙකුට මෙම පාඨමාලාව හැදෑරීමට හැකි අතර මීට ඉංග්‍රීසි භාෂා දැනුමක් ද අවශ්‍ය නොවේ. පාඨමාලාව හැදෑරීමේදී අවශ්‍ය කෙරෙන ඉංග්‍රීසි දැනුම පාඨමාලාව තුළදීම ප්‍රායෝගිකව ලබාදෙන ආකාරෙයෙන් මෙහි ප්‍රොජෙක්ට් නිර්මාණය කර තිබේ.

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහන ආරම්භ කර මාස හත හමාරක කාලයක් තුළ මේ වනවිට දිවයින පුරා විවිධ ප්‍රදේශවල අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන 67ක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන තුළින් පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 50,000 කි. ඊට අමතරව මේ වනවිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මෙම පාඨමාලාව හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 120,000ක් වේ. ඒ අනුව මෙම කෙටි කාලසීමාව තුළ සිසු සිසුවියන් 170,000ක් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් වැඩසටහන සමග සම්බන්ධ වී සිටිති.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථාන 331ක් පිහිටුවීමට ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් සැලසුම් කර තිබේ.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments