Friday, December 1, 2023
spot_img
මුල් පිටුවLocalඅත්‍යවශ්‍ය සේවාවල නිලධාරීන්ට වැඩ වර්ජන තහනම් - පොහොට්ටුව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරයි!

අත්‍යවශ්‍ය සේවාවල නිලධාරීන්ට වැඩ වර්ජන තහනම් – පොහොට්ටුව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරයි!

ජනතාවගේ එදිනෙදා කටයුතුවලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාල නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගී වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනම් නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය.

සුළු පිරිසක් විසින් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් බහුතරයකගේ දෛනික ජීවිතයට වන බලපෑම් වන නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කීය.

නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු ඇතිවන ඇති වන අවස්ථාවක ඒවා විසඳීමට පිළිගත් ක්‍රමවේදයක් ද ඇතුළත් කරමින් මෙම නීති සම්පාදනය කළ යුතු බව ද මධුර විතානගේ මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය සේවා සපයන අංශයන්හි දිගින් දිගටම සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් එදිනෙදා ජන ජීවිත වලට විශාල බලපෑමක් සිදුවන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ද වන බව මධුර විතානගේ මහතා යෝජනාව ඉදිරිපත් කරමින් කීය.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා එම යෝජනාව ස්ථිර කළේය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments