Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවPoliticalඇමතිකම් නැති වුණොත්, පොහොට්ටුවේ සෙට් එකක් ම අයවැය වර්ජනය කරන්න යයි.

ඇමතිකම් නැති වුණොත්, පොහොට්ටුවේ සෙට් එකක් ම අයවැය වර්ජනය කරන්න යයි.

2024 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නියමිත අයවැයට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට ඇමතිකම් නොලැබුණහොත් අයවැයට සහාය දැක්වීමෙන් වැළකීමට පොහොට්ටුවේ ජේෂ්ඨයන් පිරිසක් සාකච්ඡכ කරමින් සිටින බව වාර්තා වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පසුගියදා මේ පිලිබඳ විශේෂ සාකච්ඡכවක් පවත්වා ඇති බවද දැනගන්නට ලැබේ.

මේ ගැන තව දුරටත් බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීමෙන් ඵලක් නොවද බවද පිරිස මෙහිදී සාකච්ඡכ කර තිබෙනවා.

මේ ගැන කෙලින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර, ගැටලුව විසඳා ගැනීමට පියවර ගැනීමටයි ඔවුන් මෙහිදී කතා කරගෙන ඇති බවත් වාර්තා වෙනවා.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments