ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රීයේ දී එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතිම සිදු කලා.
එහිදි ඔහු පහත කරුණු පිළිබඳව අවධාරණය කරමින් ඔහුගේ කතාව සිදු කලා.
- අයහපත් දේශගුණික බලපෑම් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය, ආහාර සුරක්ෂිතතාව, ජලය හා ගොවීන්ගේ ජිවනෝපායට බලපාන ආකාරයත්
- පසුගිය වසරේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඒකී කාරණය බාධාවක් වූ අයුරුත්, දේශගුණික විපර්යාස හා ණය බරින් පීඩාවට පත් වූ රටක් ලෙස දේශගුණික මූල්‍ය අවශ්‍යතාව දැඩිව අවශ්‍ය බව හා දේශගුණික මූල්‍යකරණය ශක්තිමත් කිරීමට ධනවත් රටවලින් දුන් පොරොන්දු ඉටු වී නොමැති බවත්
- දේශගුණික විපර්යාස හා වසංගත වැනි අර්බුද, ශ්‍රී ලංකාව වැනි කුඩා ණයගැති රටවල් වලට තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා බාධා වන බවත්
- හරිතාගාර වායු විමෝචනය 14.5% කින් අඩු කිරීම ඉලක්ක කරගෙන ඇති බවත්
- ගෝලීය බලශක්ති ගැටුම් ආර්ථික අවිනිශ්චිතතාවයක් ඇති කරන අතර, සැපයුම් දාම කඩාකප්පල් කිරීම නිසා ලෝකය පුරාම උද්ධමනයත්, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇති කරන බවත්
- 2030 වන විට මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනිම ආවරණය කිරීම 32% කින් ඉහළ නැංවීමත්
- 2040 ගල් අඟුරු භාවිතයෙන් ඉවත් වන බවත්, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනයට ළඟා වීමට ශ්‍රී ලංකාව සැලසුම් කරගෙන ඇති බවත්
යන කරුණු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. එහිදි ඔහු තව දුරටත් “ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව සැමට සාමය සහ සෞභාග්‍යය සහතික කරමින්, තිරසාර සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවීමට කැපවන බව” ද ඔහු තව දුරටත් අවධාරණය කලා.