Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවNewsපාස්කු ඉරු දින ප්‍රහාරයේ වගකීම තමන් ද භාර ගන්නවා. - සජිත් පාර්ලිමේතුවේදී...

පාස්කු ඉරු දින ප්‍රහාරයේ වගකීම තමන් ද භාර ගන්නවා. – සජිත් පාර්ලිමේතුවේදී කියයි. (වීඩියෝ)

පාස්කු ඉරු දින ප්‍රහාරයේ වගකීම තමන් ද භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී අද සඳහන් කළා.පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දෙවෙනි දිනය වන (22) අද ඔහු මේ බව පැවසුවා.

එමෙන්ම කිසිඳු ආණ්ඩුවකට මෙම ප්‍රහාරයේ වගකීමෙන් මිදී අත සෝදා ගැනීමට නොහැකි බවද ඔහු පවසා සිටියා.

මේ අතර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 31 දෙනෙකු හදිසියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මාරු කිරීම පිළිබඳවද ඔහු අනාවරණය කළා.

එසේ මාරු කරන ලද නිලධාරීන්ගේ නාම ලේඛනයද ඔහු සභාවට ඉදිරිපත් කළා.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් 700 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීම බරපතල සැකයක් ඇති කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා. එහි වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments