වතුකරයේ ජනතාවට පර්චස් 10 ක් දෙන්න යයි.
වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක් ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ.
වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේ රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇතැයි වාර්ථා වේ.
වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් වන වතු කම්කරු පවුල්වලින් 60,000කට පමණ මේ වනවිට ඉඩම් අයිතිය ලබා දී ඇති අතර, සෙසු පවුල් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමට හෙක්ටයාර 5,000ක් අවශ්‍ය ව පවතින බව ද අමාත්‍යවරයා එහි දී පවසා ඇත.
පෞද්ගලික වැවිලි සමාගම් සතු ව පවතින භාවිතයට නොගන්නා ඉඩම්, පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනමින් ගෙන ඒම සඳහා පක්ෂ බේදයෙන් තොර ව සියලු මන්ත්‍රීවරුන් එක් වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් අවදාරණය කරන ලදී.