Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවInternationalතමිල්නාඩුවේ AIADMK පක්ෂය, නරේන්ද්‍ර මොදිගේ BJP යෙන් යයි.

තමිල්නාඩුවේ AIADMK පක්ෂය, නරේන්ද්‍ර මොදිගේ BJP යෙන් යයි.

තමිල්නාඩුවේ සමස්ථ ඉන්දියානු අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය (AIADMK), භාරතීය ජනතා පක්ෂය (BJP) සමග වන සන්ධානය අවසන් කිරීමට ඊයේ නිල වශයෙන්ම තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ පිළිබඳ දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වෙමින් පැවති අතර, පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රියේ AIADMK පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඒ බවට නිල තීරණය ගනු ලැබූ බව වාර්ථා වේ.

මෙම තීරණයට ආසන්නම හේතුව ලෙස සැලකෙන්නේ හිටපු AIADMK නායකයින් පිළිබඳ තමිල්නාඩු BJP ප්‍රධානී කේ. අන්නාමලෙයි විසින් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් බව ප්‍රකට කරුණක්.

කෙසේ වෙතත්, AIADMK සමග සන්ධානය නොසලකා හරිමින් අන්නාමලෙයි කටයුතු කරන බවට වූ චෝදනාව අද ඊයේ මතු වූවක් නොවේ. අන්නාමලෙයි විශ්වාස කරන්නේ භාරතීය ජනතා පක්ෂය තමිල්නාඩුවේ තනිව ස්ථාවර විය යුතු බවයි. ඒ සඳහා කල් ගතවුණ ද එය සිදුකළ යුතු බවට ඔහු විශ්වාස කරන්නේ යයි සඳහන්.

AIADMK-BJP සන්ධානයේ බිඳවැටීම 2024 පාර්ලිමේන්තු මැතිවරණයට දැඩි බලපෑමක් ඇති කළ හැකියි. එමෙන්ම දකුණු ඉන්දියානු ප්‍රාන්තවල භාරතීය ජනතා පක්ෂයේ ව්‍යාප්තිය කෙරෙහි ද එහි යම් වක්‍රාකාරවත් සහ සෘජුවත් දරුණු බලපෑමක් වනු ඇතැයි දේශපාලන විචාරකයන් මත පල කරනවා.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments