Wednesday, November 29, 2023
spot_img
මුල් පිටුවPolitical"ඇපල්, ගූගල්, ෆේස්බුක් පන්න ගන්නද හදන්නේ?" - සජිත්

“ඇපල්, ගූගල්, ෆේස්බුක් පන්න ගන්නද හදන්නේ?” – සජිත්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පතක් ගෙන ඒම තුළින් රටට බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා.

අද (03) පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මේ වනවිටත් ගූගල්, ෆේස්බුක් වැනි ප්‍රබල සමාජ මාධ්‍ය එම පනතට විරුද්ධත්වය පළ කර ඇති බවත් ඔහු අවධාරණය කළා.

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පතක් ගෙනල්ලා, දැන් මොකද්ද වෙලා තියෙන්නේ. ඇපල්, ඇමසන්, ගූගල්, මෙටා, X, බුකින් ඩොට් කොම් ආදි මේවා අඩංගු ඒෂියා ඉන්ටනෙට් කොලිෂන් එකෙන් බරපතළ විරෝධය පළ කරලා තියෙනවා. දැන් ඒවත් එළවා ගන්නද හදන්නේ. ඒවා එළවා ගෙන පුළුවන් ද රටක විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කරන්න. මොනවද මේ කරන බහුභූත ක්‍රියා. මම ඉල්ලීමක් කරනවා කාරුණිකව, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පතයි වහාම ඉල්ලා අස්කර ගන්න… මේක ඒකාධිපති ඉතා දරුණු වැඩපිළිවෙලක්.”

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments