ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද? නැතිනම් රටේ නීතියට අනුව කටයුතු කරනවා ද? යන්න පිළිබඳ සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටිනවා.
කොළඹදී ඊයේ (03) පැවති සමරු උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වන එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
“මම දැන් අහන්නේ මොකක්ද අනාගතය කියලා? ඒකයි අපිට හිතන්න තියෙන්නේ. එදා තියෙන ඕනෑම මාධ්‍යක් රටේ නීතියට යටත් වුණා. ඒ නීතියෙන් පාලනය වුණා. අද තියෙනවා සමාජ මාධ්‍ය. කාටවත් පාලනයක් නැහැ. ඒ අය කියන්නේ අපිට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියලා. ඒකේ දැන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. යුරෝපීය සංගමය සහ අනෙක් රටවල්, ලංකාවෙත් බලන්නේ… කොහොමද මේ මාධ්‍ය පාලනයකට ගෙනියන්නේ කියලා.
ඒ අය ලෑස්තිද ජාත්‍යන්තර ගිවිසුමකට එන්න… නැත්නම් එක එක රටේ නීතිවලට යටත් වෙනවාද? කියලා. අපිට අහන්න තියෙන්නේ… අනාගතයේදී මේක හැදෙන්නේ කොහොමද කියලා.”