Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවPolitical"රේල්ලුව භාවිතයට නොගත් ඉඩම් හෙක්ටයාර 5739.8ක්" - බන්දුල ගුණවර්ධන

“රේල්ලුව භාවිතයට නොගත් ඉඩම් හෙක්ටයාර 5739.8ක්” – බන්දුල ගුණවර්ධන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන තෙක් භාවිතයට නොගත් ඉඩම් හෙක්ටයාර 5739.8ක් පවතින බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලි‍මේන්තුවට ඊයේ සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුර දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර සිටියා.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා ඒවා පවරා ගැනීමට හෝ බදු ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

රට පුරා ව්‍යාප්තව ඇති වැඩිම ඉඩම්වල අයිතිකරු දුම්රිය දෙපාර්තමේන්තුව බවත් මේ ඉඩම් විශාල ලෙස අයථා හා අක්‍රමවත් ක්‍රමයන්ට බදු දී තිබෙනවා. බදු නොදී වැරදි ලෙස ඉඩම් බලෙන් අල්ලාගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. දෙපාර්තමේන්තුව තුළ දෙපාර්තමේන්තුගත ගැටලු නිසා දුම්රිය දේපළ වත්කම් කළමනාකරණයට වෙනම සමාගමක් පිහිටුවීමට අවසර ඉල්ලා සිටිය ද, ඒ සඳහා අවසරයක් ලැබුණේ නැහැ. දුම්රිය නැවතුම්පොළ හාරසිය ගණනක් තිබෙන අතර එක් නැවතුම්පොළක සිට තවත් නැවතුම්පොළක් දක්වා කිලෝ මීටර් දෙකක් මෙහා පැත්තටත් කිලෝමීටර් දෙකක් එහා පැත්තටත් වගකීම දුම්රිය ස්ථානාධිපතිවරයාට පවරා අනවසර පදිංචි වීම් ඉවත් කර නිසි ලෙස දීර්ඝ කාලයක් පදිංචිව සිටි අයට බදු ලබාදීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ආදායම වැඩි කර ගත යුතුයි.

එවැනි ක්‍රමවේදයක් යටතේ වැඩි වෙන ආදායමෙන් ප්‍රතිශතයක් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට ගෙවා හෝ බදු ආදායම වැඩි කළ යුතුයි.

එම ක්‍රමවේදය අවසන් කර සම්පූර්ණ ලැයිස්තුගත කිරීමක් කළ යුතුයි. ඇතැම් ස්ථානවල මැනුම් ඉදිරි මාස 6 තුළදී අවසන් කළ යුතුයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ සිට මේ ප්‍රශ්නය තිබෙනවා.

ජාතික වැඩපිළි‍වෙළකින් මෙය නිවැරදි කළ හැකි අතර පැලැස්තරවාදී වැඩපිළිවෙළකින් මෙය කළ නොහැකියි.

අයථා ලෙස භාවිත කරන ඉඩම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් ඕනෑම කෙනකු මේ ඉඩමක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට සූදානම්.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments