Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවBusinessලිට්‍රෝ, ලාෆ්ස් දෙගොල්ලොම ගෑස් පෙන්වයි.

ලිට්‍රෝ, ලාෆ්ස් දෙගොල්ලොම ගෑස් පෙන්වයි.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින් ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,470 කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 137කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,393ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 63කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 650කි.

ලාෆ්ස් ගෑස් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ලාෆ්ස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3985කි.

ලාෆ්ස් කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1595කි.

එසේම කිලෝග්‍රෑම් 2 ගෑස් සිලින්ඩරයක මිල ලාෆ්ස් සමාගම රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 638කි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments