Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවEconomicsඩිජිටල් ආර්ථිකයක් බදාදා ඉදන්

ඩිජිටල් ආර්ථිකයක් බදාදා ඉදන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන මේ මස 11 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ. මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය ඇමැති කනක හේරත් සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (05) පැවති ÒDIGIECON 2030Ó වැඩසටහන ගැන මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමිනි.

ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මඟින් හැකි වන බවත් ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය ඇමැති කනක හේරත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ඒ සඳහා ඩිජිටල් ආර්ථික සැලැස්ම සමාජගත කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති බව ද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ කළ ÒDIGIECON 2030Ó වැඩසටහනේ සමාරම්භය මේ මස 11 වැනිදා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකයකට ශ්‍රී ලංකාව පත් කිරීමේ පරිවර්තනීය වෙනසත්, ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථික සැලැස්මක් ඇති කිරීමත් මෙමඟින් අපේක්ෂා කරනවා. දැනට ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය සකස් කර අවසන් වී තිබෙනවා. අගමැති ලේකම් අනුර දිසානායක මහතා එම ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටු සභාපතිවරයා ලෙස විශාල කාර්යභාරයක් කළා.

ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනවා. එය 2030 වන විට 15%ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මේ වැඩසටහනේ සමාරම්භය මේ මස 11වැනිදා සිදු කෙරෙනවා. ඊට සමගාමීව සමුළු සම්මන්ත්‍රණ හා වැඩමුළු 23ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ ක්‍රියාවලියට දායකත්වය සපයන පෞද්ගලික ආයතනවලටත් මගේ ස්තුතිය පිරිනමනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, DIGIECON 2023 – 2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ (FITIS) සභාපති ඉන්දික ද සොයිසා, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සභාපති අජන්ත අතුකෝරාළ, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති (IESL) මහාචාර්ය රංජිත් දිසානායක, NERDC හි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන්ති ප්‍රනාන්දු, බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ සභාපති ඇලෙන්සෝ ඩෝල් (Mr. Alenzo Doll) යන අයද මෙහිදී අදහස් දැක්වූහ.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments