ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.
කෙසේ වෙතත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම හා දිස්ත්‍රික්, ආසන මට්ටමෙන් සංවිධාන කටයුතු පුළුල් කිරීමට ද සාකච්ඡා වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.