Thursday, November 30, 2023
spot_img
මුල් පිටුවPolitical“සජිත්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඔහු කියන දේ අහන මිනිහෙක් නෙවෙයි” –...

“සජිත්ගෙන් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.. ඔහු කියන දේ අහන මිනිහෙක් නෙවෙයි” – ෆොන්සේකා

සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන බවත් යල්පැනගිය ජනතාව ප්‍රතික්ෂේප කළ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක ගමන් කරන බවද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බවත් රටට වෙනස් යමක් ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැකි බවද මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කරනවා.

තම පක්ෂය තුළ සිටින ඇතැම් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂය ගමන් කරන වැරදි මාර්ගය පිළිබඳව දැන දැනත් අදහස් ප්‍රකාශ කිරීමට නොහැකිව බියෙන් පසුවන බවද මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සදහන් කර සිටිනවා.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන් නම් කරන්නේ නම් තම පක්ෂයත් රටත් ජයග්‍රහණය කර පෙන්වීමට තමා සූදානම් බවත් පවතින දේශපාලන ක්‍රම පෙරලා තමන් ආඥාදායක පාලකයකු වීමට සූදානම් බවද අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර සිටියා.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments