Wednesday, November 29, 2023
spot_img
මුල් පිටුවPoliticalපක්ෂ පනින්නේ නැතිව, ජනාධිපතිත් එක්ක වැඩ කරගෙන යනවා - වඩිවේල් සුරේෂ්

පක්ෂ පනින්නේ නැතිව, ජනාධිපතිත් එක්ක වැඩ කරගෙන යනවා – වඩිවේල් සුරේෂ්

මඩොල්සිමට බස් එකක් දෙන්න විපක්ෂ නායකතුමා එනවා කියලා ආවේ නැහැ. පස්සේ මං කිව්වා මගේ ජනතාව හම්බ වෙලා කනගාටුව පළ කරලා සමාව ගන්න එන්න කියලා. දැනට මාස හය, හතකට වැඩියි. තවම විපක්ෂ නායකතුමා ආවේ නැහැ. මේ ජනතාව ඉන්නේ එතුමා එනකල් යැයි සමඟි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පස්සර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අද මගේ ජනතාවට අඩුපාඩුකම් තිබෙනවා. ජනාධිපතිතුමා එක්ක මං විවෘතව කතා කරන්න ඕනේ. මම ඒවා කතා කළා. අස්වැසුම සියයට සියයක් වතුකරයේ ජනතාවට ලැබෙන්නේ නැති වුණාට වෙන ව්‍යාපෘති එක්ක බලද්දී අද වතුකරයේ වැඩි පිරිසකට එය ලැබිලා තිබෙනවා. සමෘද්ධි කාලේවත් මේ තරම් හම්බ වුණේ නැහැ. ඒ නිසා පාට පක්ෂ භේද බලලා කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. අද සියලු දෙනා එක්ව රට බේරා ගත යුතු කාලයක් යැයි ද හෙතෙම කීවේ.

අපේ රටේ ඉන්නේ එක ජනාධිපතිවරයායි. තමන් සුළු ජාතීන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙස ඒ ජනතාවගේ අඩුපාඩු, ප්‍රශ්න, සංවර්ධන කටයුතු ගැන මා වගකිව යුතුයි. මේ අවස්ථාවේ අනෙකුත් ප්‍රශ්න අමතක කර සියලු දෙනා එකට එකතු වී රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් පවත්වාගෙන යා යුතුයි. පක්ෂ මාරුවක් නැතිව නායකයාට වැරැද්දක් නොකර රටේ ජනාධිපතිවරයා එක්ක එකතු වෙලා වැඩ කරගෙන යන්න ඕන. එය මගේ යුතුකමක් හා වගකීමක් වෙනවා යැයි ද හෙතෙම කීවේය.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments