Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවLocalඋතුරේ ළමා ගැබිණි මව්වරුන්ගේ වැඩි වීමක් – යාපනය ශික්ෂණ රෝහල කියයි...

උතුරේ ළමා ගැබිණි මව්වරුන්ගේ වැඩි වීමක් – යාපනය ශික්ෂණ රෝහල කියයි !

2023 වසර තුළ යාපනයේ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 91 දෙනෙකු දරුවන් බිහිකොට ඇති බව යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යාපන කාර්යාංශයේ තොරතුරුවල සඳහන් වේ.

එම වසර තුළ යාපනය ශීක්ෂණ රෝහලේ මාතෘ සායන සඳහා ළමා ගැබිණියන් 119 දෙනෙකු පැමිණි බවට තොරතුරු සටහන්ව ඇතත් ඉන් 91 දෙනෙකු පමණක් යාපනය ශීක්ෂණ රෝහලේදී දරුවන් බිහිකොට අති බවද එම තොරතුරු වල සඳහන් වෙයි.

ඉතිරි ළමා ගැබිණි මව්වරු උතුරේ හෝ වෙනත් ප්‍රදේශයක රෝහල් වලදී දරුවන් බිහි කරන්නට ඇතැයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යාපනික ‍ කාර්යාංශය විශ්වාස කරයි.

කෙසේ වෙතත් එම කාර්යංශයේ නිලධාරීන් සඳහන් කරනු ලබන්නේ යුද්ධය හමාර වී සාමය උදා වීමෙන් පසුව උතුරු පළාත තුළ ළමා ගැබිණියන්ගේ සංඛ්‍යාව   වසරින් වසර ඉහළ යන තත්ත්වයක් සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යන බවය. 

පාසල් යායුතු වයසේ දැරියන් ඉතා අඩු වයස්වලදී ඇතිකර ගන්නා ප්‍රේම සබඳතා  නිසා ඔවුන් අධ්‍යාපනය කඩා කප්පල් කර ගනිමින් ඉතා  අඩු වයස්වලදී විවාහ වීම ඉතා බරපතල ප්‍රශ්නයක් වී ඇතයිද යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යාපනික කාර්යාංශය පෙන්වා දෙයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments