Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවLocalපිටකොටුවෙන් සුදු වෙන ක්‍රීම් ගත්තද ?

පිටකොටුවෙන් සුදු වෙන ක්‍රීම් ගත්තද ?

මිනිස් සිරුරට අහිතකර රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පිටකොටුව දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානි ඇති කරන රසායනික සංයෝග අඩංගු, රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන ආලේපන වර්ග අලෙවි කළ වෙළඳසැල් 04 ක් වටලා, එවැනි විවිධ ආලේපන 1143 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති එම වෙළඳසැල් හිමිකරුවන් අවුරුදු 22, 25, 45 සහ 52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්. පිටකොටුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments