Thursday, April 18, 2024
spot_img
මුල් පිටුවLocal“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” දෙවන පියවර කොළඹට

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” දෙවන පියවර කොළඹට

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” යන තේමාව යටතේ නව සන්ධානය විසින් සංවිධාන කරනු ලබන ජන රැළි මාලාවේ දෙවන පියවර හෙට(24) කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පස්වරු 2.30 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, සූගීෂ්වර බන්ඩාර යන මහත්වරුන් මෙම රැළියට සහභාගී වීමට නියමිතව ඇත.

මෙහිදී නැගෙනහිර පළාත හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලඥයින් කිහිප දෙනෙකු නව සන්ධාන වේදීකාවට ගොඩවීමට නියමිතව ඇති බව නව සන්ධාන ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments