Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවLocalසනත් නිශාන්ත මියගිය හේතුව කොට උඩ – විවෘත අධිකරණයේදී හෙළිවූ දේ මෙන්න!

සනත් නිශාන්ත මියගිය හේතුව කොට උඩ – විවෘත අධිකරණයේදී හෙළිවූ දේ මෙන්න!

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණයට අදාළව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මේ දක්වා තම අධිකරණයට ඉදිරිපත් වී නොමැති බැවින් එම මරණයට හේතුව ප්‍රකාශයට පත් කිරීමේ අයිතියක් අධිකරණයට නොමැති බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිතාන ඊයේ (23) විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ සිය සේවාදායිකාව එම හදිසි අනතුර හා ඇගේ සැමියාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් වී ඇති බවයි.

එබැවින් මරණයට හේතුව ප්‍රකාශයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

රිය අනතුරක් සිදු වූ විට ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති වූවත් පසුගිය 24 වනදා එකී ස්ථානය නීරීක්ෂණය කළ බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නා.

ඒ අනුව, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දැනුම්වත් කර එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩිනමින් කැඳවීමට පියවර ගන්නා ලෙසයි කඳාන පොලිසියට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඊට අදාළ නඩුව ජූලි මස 1 වනදා යළි කැඳවනු ඇති.

RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments