Tuesday, April 23, 2024
spot_img
මුල් පිටුවcrimeආචාර්යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි (VIDEO)

ආචාර්යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි (VIDEO)

බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී සිදුකළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා තිබේ. එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ ආචාර්යවරයෙකි. ඔහුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් ය. මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ රයිහාන් ෂරීෆ් නම් එම ආචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වෛද්‍ය සිසුන් විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (06) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ දිනවල එම වෛද්‍ය විද්‍යාලයේ විභාග පැවැත්වෙයි. එහිදී පැවති වාචික විභාගයක් අතරතුරදී වෙඩි තැබීම සිදුකර තිබේ. එහිදී ෂරීෆ් සහ 23 හැවිරිදි වෛද්‍ය සිසුවා අතර ආරවුලක් හටගෙන ඇති අතර එම අවස්ථාවේදී ෂරීෆ් විසින් සිසුවාට වෙඩිතබා තිබුණි. එහි උණ්ඩය සිසුවාගේ සාක්කුවේ තිබූ ජංගම දුරකථනයට වැදී ඇත. එහෙත් ඔහුගේ දණිස්සට සහ පාද තුවාල වී ඇති බව වාර්තා විය.
RELATED ARTICLES

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

Most Popular

Recent Comments