ලෝකයේ සෑම කොනකම සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ශ්‍රී ලංකාව පිළිබඳව උනන්දු වන්නන්ටත් විසි හතර පැය පුරාවට පුවත් සහ අපේ ජීවතවලට විවිධාකාරයෙන් සමීප වූ තොරතුරු වඩාත් විශ්වසනීයත්වයෙන් යුතුව වේගයෙන් ලබාදීම අරමුණු කරගෙ​න, community powered, එහෙමත් නැතිනම් මේ හරහා ප්‍රයෝජන ලබන පිරිස විසින්ම බල ගන්වනු ලබන publishing platform එකක් විදිහට newsisland.lk වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබුවා.

ආරම්භයේ පටන්ම අපගේ අවධානය යොමු වූයේ පරිශීලකයාගේ කියැවීමේ අත්දැකීමට බාධා වන දේවල් වලින් තොර, අත්‍යාවශ්‍යය පහසුකම් වලින් පමණක් සමන්විත, නිරවද්‍යය කරුණු ඇතුලත්, තත්ත්වයෙන් උසස් media platform එකක් සිංහල භාශාවෙන් භාවිතා කළ හැකි ලෙස නිර්මාණය කිරීම වන අතර මේ දක්වා අප බළාපොරොත්තු වූ එම ගුණාත්මක බව රැක ගැනීමට හා පවත්වාගෙන යෑමට සමත් වී ඇති බව විශ්වාස කරනවා.

මේ තොරතුරු අන්තර්ජාලය හරහා වඩාත් විශ්වසනීය සහ ගුණාත්මක ලෙස සහෝදර වෙබ් අඩවි සමඟ එක්ව ඔබ වෙත ගෙන ඒම අපගේ අරමුණයි.

එමෙන්ම newsisland.lk වෙබ් අඩවිය හරහා publish කරනු ලබන සෑම ලිපියකම ගුණාත්මක බව රැකගැනීම සඳහා එහි ඇති කරුණු වල නිරවද්‍යයතාවය, සරළ බව සහ භාශා විලාසය පිළිබඳව editor වරුන් විසින් review කිරීමක් සිදු කරනු ලබන අතර සෑම ලිපියකම ඇති කරුණු අවම වශයෙන් sources ද්විත්වයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හරහා නිරවද්‍යයතාවය තහවුරු කරගැනීමෙන් අනතුරුව පමණක් publish කිරීමට කටයුතු කරනු ලබනවා.

වෙබ් අඩවියේ අන්තර්ගතය මෙන්ම එය භාවිතා කරන්නාට ලැබෙන user experience එක පිළිබඳවත් අපගේ විශේෂ අවධානය නිරන්තරයෙන් යොමු කරනු ලබන අතර coding session වලදී technology stack එක තෝරා ගැනීමේ සිට essential පහසුකම් පමණක් තෝරාගෙන එය නිර්මාණය කිරීම සඳහා ඇති best practices අනුගමනය කිරීමටත්, fonts, font sizes, column sizes මෙන්ම වර්ණ තෝරාගැනීමේදී පවා සියුම් ලෙස ඒවා අධ්‍යයනය කර පරිශීලකයාගේ කියැවීමේ රුචිය වර්ධනය කිරීමට තුඩු දෙන ලෙස optimize කිරීමටත් අපි සැලකිළිමත් වී සිටින්නෙමු.