සික් නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

කැනඩාවේදී සිදු වූ සික් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඉන්දියාව සහ කැනඩාව  අතර  විශාල රාජ්‍ය තාන්ත්‍රික මත ගැටුමක් ඇතිකළ සිදුවීමකි

45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී නාඳුනන තුවක්කුකරුවන් විසින් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

කෙසේ නමුත් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ඇත්තේ කරන් බ්‍රාර් නැමති  22 හැවිරිදි පුද්ගලයෙකු සහ කමල් ප්‍රීත් සිං නැමති 22හැවිරිදි මෙන්ම  28 හැවිරිදි කරන් ප්‍රීත් සිං නැමති සැකකරුවන් තිදෙනෙකු බව විදේස වාර්තා වල සඳහන් වේ.

ඔවුන් තිදෙනාටම  මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

Share This Article
Leave a comment